මේ රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් - මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ ඔවුන්ට ස්ථීර පත්වීම්

Report

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තාවකාලික, අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයින් 70 දෙනෙකු වෙනුවෙන් ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරමින් නියමිත අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සපුරා තිබූ පිරිස් මෙලෙස ස්ථිර රාජ්‍ය සේවයට ඇතුළත් කරගෙන තිබේ.

පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් - මෙන්න විස්තරේ

පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් - මෙන්න විස්තරේ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ තීරණයකට අනුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය වැඩ ඒකකවල සේවය කළ තාක්ෂණ නිලධාරී, වැඩ පරිපාලක, රියදුරු සහ කම්කරු යන තනතුරු සඳහා මෙම ස්ථිර පත්වීම් ලබාදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී. විජේරත්න, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් චන්ද්‍රසිරි, ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක, පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් දිලීපා රූපානී පියදාස සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජේ.එම්.ආර්.බී. ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මාස 18ක සිරදඬුවම් විඳිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්

මාස 18ක සිරදඬුවම් විඳිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්