ගම්වාසීන් කළ ඉල්ලීම... - අනේ අපිට යන්න තැනක් දෙන්න
නායයෑමේ අවදානම මධ්‍යයේ තම නිවෙස්වලම ජීවත්වීමට සිදුවී ඇති ගම්වාසීන් පිරිසක් පිළිබඳව උඩුනුවර, වේගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය. ගම්වාසීන් පවසන්නේ 2006 වසරේ සිට තමන් මෙලෙස නායයෑමේ අවදානම මධ්‍යයේ ජීවත්වන බවය.
නිරන්තරයෙන් ඇඳ හැළෙන අධික වැසි හේතුවෙන් වේගිරිය, කන්දේවත්ත ගම්මානය මේ වනවිට පවතින්නේ අවදානම් තත්ත්වයකය.
උස් බිමක පිහිටි ගම්මානය අවස්ථා ගණනාවකදීම නායයෑමට ලක්වී ඇති බවද වාර්තා වෙයි. ගම්මානයේ ජීවත්වන පවුල් ගණන 30කි. ගමේ නිවාස රැසක බිත්ති මේ වනවටත් පුපුරා ගොස් ඇති අතර පොළව පුරා ඉරිතැලීම් දක්නට ඇත.
නමුත් ප්‍රදේශවාසීන්ට සිදුවී ඇත්තේ මෙතරම් අවදානමක් තිබියදීත් තවදුරටත් එම නිවෙස් තුළම රැඳී සිටීමටය. ඊට හේතුව පැහැදිලි කළ ගම්වාසීන් සඳහන් කළේ, "අපි ඒ නිවෙස් තුළම රැඳී ඉන්නේ යන්න තැනක් නැති නිසා. අනේ අපිට ජීවත් වෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් දෙන්න.
හැමදාම පස් කඩාවැටෙනකොට අපි දරුවන් අරගෙන එහෙමෙහෙ දුවනවා," යනුවෙනි Most Viewed Stories වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නම් රට ලොක්ඩවුන් කරන්න සූදානම් උසස් පෙළ සිසුන් තිදෙනෙක් දියේ ගිලී මරුට රුපියල් 100යේ ව්‍යාජ මුදල් නෝට්ටු ගැන පොලීසියෙන් දැනුම්දීමක් තවත් නගරයක සියලු වෙළෙඳසැල් වසා දමයි ඩෙල්ටා නිසා අමෙරිකාවේ ළමුන් රෝගීවීම ඉහළ යයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |