වැසි තත්ත්වයේ වෙන්න යන නොහිතපු වෙනස මෙන්න..

Report

හෙට (28) සිට ඉදිරි දින කිහිපයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිය.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

එමෙන්ම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක්.. බඳවා ගන්න යයි..

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක්.. බඳවා ගන්න යයි..

රාජ්‍ය සේවයේ නව වෙනසක්.. ජූනි මාසය වන විට වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවයේ නව වෙනසක්.. ජූනි මාසය වන විට වෙන දෙය මෙන්න..

තවද, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video👇