අද සවස දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Apr 21, 2024 01:25 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඌව පළාතෙත් අනුරාධපුර, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව, බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව නිවේදනය කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.