අදත් රට පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන්..

Report

නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.