නොසිතූ ලෙස කාලගුණය ප්‍රචණ්ඩ වන ලකුණු - වැස්ස තවත් වැඩි කරමින් වෙන්න යන දේ මෙන්න..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අත්ර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
මේ අතර බස්නාහිර පළාතේ ද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ. ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, නුවරඑළියසහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද වාර්තා වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
…………………………………………………………………………………
You may like this video 👇
