යුද හමුදාවෙන් අලුත් වැඩක්

Report

දිවයිනේ පිහිටි සෑම යුද හමුදා කඳවුරක් මූලික කර ගනිමින් රණවිරු සුබසාධන අංශයක් ආරම්භ කරන බව යුද හමුදා මූලස්ථානය පවසා සිටිනවා.   

අදාළ සුබසාධක අංශ අනිද්දා දින සිට ආරම්භ කිරීමට නියමිත බවයි යුද හමුදා මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.   

කලු පාට මල්ලක කෝටි ගාණක මුදලක්

කලු පාට මල්ලක කෝටි ගාණක මුදලක්

යුද  හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් හමුදා මුලස්ථානය දන්වා සිටියා.   ඒ අනුව සෑම හමුදා කඳවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය අනිද්දා සිට ක්‍රියාත්මක වනු ඇති.

මෙමඟින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.