සදාතනික ප්‍රේමය අවසන් මොහොතට පෙර

Mrs Malani Fonseka Gossip Today Sinhala news
By Hashan May 24, 2025 05:46 AM GMT
Hashan

Hashan

Report

විජය - මාලනී, මෙරට සිංහල සිනමාවේ යුගයන් නියෝජනය කළ පෙම්වතුන් යුවලක් වුණා සහ ඉදිරියටත් ඒ චරිත දෙකම සදා අමරණියයි.   

සමහර ආදර කතාවන් තියනවා ඒවා හරියට කිව්වොත් සදාතනිකයි . ඉතින් ඒ සදාතනික බව ප්‍රත්‍යක්ෂ වූ මොහොතක් මලානි මහත්මියගේ හදිසි වියෝවත් එක්ක අහන්නට ලැබෙනවා. 

සදාතනික ප්‍රේමය අවසන් මොහොතට පෙර | Did Vijaya Advance Queen Would Be Leaving Stage

ඇත්තටම මේක අහම්භයක්ද..? එහෙම නැත්නම් මේ ඇත්තටම බැදීම් සදාතනිකයි කියන කතාව ප්‍රත්‍යක්ෂ වූ මොහොතක්ද..?

කියන්නට අමාරුයි ..........

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මාලනි මහත්මිය සහ විජය කියල කියන්නේ සිංහල සිනමාවේ යුගයන් නියෝජනය කළ පෙම්වතුන් යුවලක්.  ඒ දෙදෙනා වටා බැඳුණු කතා බොහෝමයක් තියෙනවා ..

අද සිංහල සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට සෝචනීය දිනයක්.. ඒ ඇත්තෙන්ම ඇයගේ නික්මයාම නිසා කිව්වොත් හරි.   

මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ලාංකීය සිනමා අම්බරයේ රැජින අද අලුයම දිවිමඩලින් සමුගත්තා.. ඒ දුක්බර පුවතත් එක්ක අපට අහන්න ලැබුණු තවත් ආරංචියක් තියෙනවා.

ඒ තමයි විජය කුමාරතුංග නම් මහා රංගවේදියාගේ පිළිරුවට සිදුවුණු හානිය.  ඇත්තටම මේ සිද්ධි දෙක අතර මොන වගේ සම්බන්ධයක් තියනවාද කියන එක නම් පැහැදිලි කරන්න අපහසුයි කියලා බොහෝ දෙනෙක් කියාවි..

ඒත් ඒක ඇත්තටම පුදුමය දනවන කාරණයක් වුණා.. මේ ඒ ගැන මුහුණු පොතේ පළවුණු සටහනක් පහත පරිදි උපුටා ගත්තා

"දැන් ගොඩක් අය කතා වෙනවා වදන් පෙළක් තමයි "සොබාදහම මොකක්දෝ පණිවිඩයක් කියනවා" කියන දේ... ඊයේ විජය කුමාරතුංග ජීවත් වූ පොල්හේන්ගොඩ නිවස ආසන්නයේ පිහිටා තිබූ විජයගේ පිළිරුව හදිසි අනතුරකින් විනාශ වෙලා තියෙනවා... විජය මාලනී යුගයක් අපේ සිංහල සිනමාවේ තිබුණා. ඒ වගේම ඔවුන් තිරය ඉදිරියේ වගේම තිරය පිටුපසත් ආදරණීය යුවලක් වුණා... ඉතින් ඇය අද අලුයම ජිවිතයෙන් සමුගන්නකොට ඊයේ විජයගේ පිළිරුව විනාශ වෙලා යනවා... සමහර විට කෙනෙක්ට මිත්‍යාවක් කියන්න පුළුවන් එත් ජීවිතයේ අපට හමුවන ඇතැම් බැදීම් සදාතනිකයි.." 

Gallery
ReeCha