ලුණු අද එයි...මිල අඩු වෙන හැටි සභාපති කියයි (VIDEO)

Report

දැනට රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කළ මෙටි්‍රක් ටොන් විසිදහසින්, මෙටි්‍රක් ටොන් 3050 ක් වන පළමු තොඟය අද රාත්‍රියේ දිවයිනට ළගා වීමට නියමිතයි.

ජාතික ලු‍ණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සදහන් කළේ මෙම ලුණු තොගය මෙරටට පැමිණෙන්නේ දින එකහමාරක පමණ ප්‍රමාදයකින් පසුව වන අතර ඊට හේතුව නැව් ප්‍රමාදය හා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය බවයි.

මෙම ලුණු තොගය පැමිණීමත් සමඟ ලුණු හිඟය අවසන් වනු ඇති බවත් තවත් සතියකින් පමණ ලුණු මිල සියයට 50කින් පමණ පහළ යනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්