කාලගුණය ප්‍රචණ්ඩ වෙයි...අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Nov 19, 2024 01:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ,හෙට (20) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ උතුරු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකියි.

ReeCha