කල්පනාකාරීවන්න..!ඉදිරි පැය 24 සම්බන්ධයෙන් හදිසියේම නිකුත් කළ විශේෂ නිවේදනය..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Sep 02, 2024 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බවය.

මේ හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් ය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යට වීමේ අවධානමක් පවතින අතර ඒ හේතුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාරිග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.  

අතිශය අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියාට ලැබුණු දඬුවම..

අතිශය අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියාට ලැබුණු දඬුවම..

ReeCha