අතිශය අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියාට ලැබුණු දඬුවම..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Sep 02, 2024 08:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළේ යැයි ඇඟේ සැමියාට එරෙහිව ඌව පළාත් මහාධිකරණයේ දී විභාග වූ මිනීමැරුම් නඩුවක එම විත්තිකරු වැරදිකරු බව තීරණය කළ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

2010 ජූනි මස 19 වනදා බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේ දී 35 හැවිරිදි අදාළ කාන්තාවක් ඝාතනය කළේ යැයි ඇඟේ ස්වාමි පුරුෂයාට විරුද්ධව බදුල්ල පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබුණි.

නඩු විභාගයේ දී අනාවරණය වුණේ, සැකකරු හා මරණකාරීය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට අනියම් ප්‍රේම සබඳතාවයක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇඟේ පාදයකට පහර දී ඇති බවත් ය.

අසල්වැසියන් විසින් ඇය ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කන්දගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට යවා තිබූ බව ද සාක්ෂිවලින් අනාවරණය විය. එහිදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධිකරණ විශේෂ වෛද්‍ය එන්.එම්. රූල්හක් මහතාගේ සාක්ෂිවලට අනුව මරණකාරියගේ පාදයක තුවාල දෙකක් තිබූ බවත් එක තුවාලයක මාංශ පේශී අජීවි බවට පත්ව අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවටත් හෙළිවුණි.

සැකකරුට විරුද්ධව ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකකයකින් තොරව ඔප්පුකර ඇති බැවින් ඔහුට මරණ අඬුවම නියම කරන බව විනිසුරුවරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

ReeCha