දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් ..

Report

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (28) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 132ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවට ආභරණයක් වන් කලාවැව ඇත් පරපුරේ අවසන් පුරුකත් ලක් මවට අහිමි වේ..

ශ්‍රී ලංකාවට ආභරණයක් වන් කලාවැව ඇත් පරපුරේ අවසන් පුරුකත් ලක් මවට අහිමි වේ..

කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 24ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 17ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ල වෙනුවෙන් රැස්කරගෙන සිටින සබඳතාව ලකුණු 43කි.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ඔසවා තැබූ ඒඩියන් මාක්‍රම් ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය.

ආපදාවන්ගෙන් හානියට පත් වූ මහාමාර්ගවලට තාවකාලික විකල්ප..

ආපදාවන්ගෙන් හානියට පත් වූ මහාමාර්ගවලට තාවකාලික විකල්ප..

ඔහුට අමතරව ටෝනි ඩි සොර්සි ලකුණු 17ක් හා වියන් මෝල්ඩර් ලකුණු 15ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ප්‍රබාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 2ක් දවාගත්තේය. ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත් අතර, ඔහු ඒ වෙනුවෙන් ලකුණු 33ක් ලබාදුන්නේය. හෙට තරගයේ තෙවැනි දිනයයි.

You may like this video