පැයට කිලෝමීටර් 60ක වේගයෙන් හමන තද සුළං - කාලගුණයෙන් වෙරළබඩ ප්‍රදේශ රැසකට විශේෂ නිවේදනයක්

Report

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, අදාළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම ප්‍රදේශ විටින් විට රළු තත්ත්වයට පත්විය හැකි බව සඳහන් වේ.

මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

Gallery