මේ පළාතේ 6-11 ශ්‍රේණි දෙවන වාර විභාගය ගැන දැනුම්දීමක්
වයඹ පළාතේ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය වීම පිළිබඳ විශේෂ නිවේදනයක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ .
ඒ අනුව හෙට (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාගයන් ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 - 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026,07.17 දක්වාත්, 10 - 11 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026.07.20 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබුණි.