හදිසි හේතුවක් නිසා ප්‍රදේශ රැසකට අද ජලය කැපේ.. එම ප්‍රදේශ මෙන්න.
Galle
Water cut
Hikkaduwa
Baddegama
By Aruna
හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (30) දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව අදාළ කාලය තුළ ගොනපිනුවල, කහව, දොඩන්දූව, හික්කඩුව සහ බද්දේගම නගරය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
හදිසි ජල නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
