උදේම බිහිසුණු අනතුරක් - ඒ අනතුර බලන්න ගිහින් තවත් අයෙක් බස් රථයකට යටවෙයි
හැටන් සිට දංකොටුව දක්වා ධාවනය කළ ලොරි රථයක් වටවල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් එම ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතළ තුවාල ලැබ ඇති බව වාර්තා වේ.
ඒ අනුව අධික වේගයෙන් ධාවනය කළ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.
එසේම තුවාල ලැබු රියදුරු ප්‍රකාශ කළේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ලොරි රථයක් තම රථයේ ගැටීමෙන් සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ දී මෙම අනතුර සිදුවු බවයි.
කෙසේ වෙතත් තුවාලකරුවන් ලොරි රථයෙන් ඉවතට ගැනීමට ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණු අතර අනතුර සිදුවු ස්ථානයට ගිය තවත් පුද්ගලයෙකු ද අසල මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයකට යටවීමෙන් තවත් අනතුරක් සිදුව ඇති බව සඳහන්.