රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය - නීති පද්ධතියේ අලුත් පියවරක්

Report

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය (House Arrest) හඳුන්වා දීමට නව පනතක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටී.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු පැවසුවේ, බන්ධනාගාර ඉදිකර ඇත්තේ රැඳවියන් 10,500කට පමණක් බවත්, වර්තමානයේ එහි රැඳව සිටින්නේ 39,000කට අධික පිරිසක් බවත්ය. මෙයින් බහුතරයම (ආසන්න වශයෙන් 28,000ක්) තවමත් නඩු තීන්දුවක් නොලැබූ සැකකරුවන් බවත්, ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් (ආසන්න වශයෙන් 20,000ක්) මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා රැඳවුම්කරුවන් බවත් ඔහු සඳහන් කළේය.

ආයේ නඩු කල් යන්නේ නැහැ - අප්‍රමාදව යුක්තිය ඉටු කිරීමට අලුත් අධිකරණ 7ක් - අධිකරණ ඇමති

ආයේ නඩු කල් යන්නේ නැහැ - අප්‍රමාදව යුක්තිය ඉටු කිරීමට අලුත් අධිකරණ 7ක් - අධිකරණ ඇමති

අමාත්‍යවරයාගේ ප්‍රධාන ප්‍රකාශය වශයෙන් ;

රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම වෙනුවට සුදුසු නඩුවලදී නිවාස අඩස්සිය පැනවීමට ඉඩ සලසන නව පනතක් සකස් කරමින් සිටී. මෙය විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ මූලිකත්වයෙන් සිදු වේ.

මෙම දඬුවම ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (Electronic Monitoring) හරහා ක්‍රියාත්මක කෙරේ. එමගින් සැකකරුවන් නිවෙස්වල රඳවා තබාගෙන නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

මෙයින් බන්ධනාගාර තුළ ඇති අනවශ්‍ය තදබදය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකි වනු ඇත.

අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බවත්, උසාවි ජනතාවගේ නඩු විභාග කිරීමට තිබෙන තැන් බවත්, නඩුකරුවන්ට හෝ නීතිඥයන්ට පමණක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

ගෝලීය ආනයනවලට ට්‍රම්ප්ගෙන් 10% බද්ද

ගෝලීය ආනයනවලට ට්‍රම්ප්ගෙන් 10% බද්ද

වර්තමානයේ සිවිල් හා අපරාධ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් අධිකරණයේ තිබෙන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සමහර නඩුවලට අවුරුදු ගණනාවක් පසුව දින ලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට පාස්කු ප්‍රහාරය හා අල්ලස් නඩු සඳහා වෙන් වූ අධිකරණ තිබෙන අතර, තවත් උසාවි දෙකක් ලබාදීමටත්, අලුත්කඩේ නව ගොඩනැගිල්ලක උසාවි පහක් ආරම්භ කිරීමටත් කටයුතු සිදුවෙමින් පවතී.

අද දවසේ ඔබට සිදුවෙන්නෙ මොනවාද? රහස් ලග්න අනාවැකි මෙන්න!

අද දවසේ ඔබට සිදුවෙන්නෙ මොනවාද? රහස් ලග්න අනාවැකි මෙන්න!