දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

Report

තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවලට අයත් 85,000 කට වැඩි පිරිසකට “අස්වැසුම’’ප්‍රතිලාභය අහිමිවීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවට තොරතුරු හෙළි වේ.

ඒ අනුව “අස්වැසුම’’ ප්‍රතිලාභය ලබා ගැනීමට 2023 වසරේදී අයැදුම්පත් ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබන හෝ නොලබන අයගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන බව සඳහන්.

අඳාළ තොරතුරු යාවත්කාලීන කිරීම හෙටින් (20) අවසන් වන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

එම තොරතුරු යාවත්කාලීන කිරීම මාර්ගගත ආකාරයට (online) හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභ සාධක ප්‍රතිලාභ ඒකකය හරහාද සිදු කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා සේම අයැදුම්පත් තැපෑලෙන් යොමු කිරීමෙන්ද අස්වැසුම ප්‍රතිලාභීන්ට සිය තොරතුරු යාවත්කාලීන කළ හැකි බවයි.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීමට 2023 වසරේදී ලක්ෂ 29 ක් පමණ ඉල්ලුම්කර ඇති බවද, ඉන් ලක්ෂ 16 ක් පමණ මේ වනවිට ප්‍රතිලාභ ලබන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර ප්‍රකාශ කරයි.

ඒ අනුව, ප්‍රතිලාභ ලබන සහ නොලබන අයගේ තොරතුරු යාවත්කාලීන කිරීමට මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බව ද ඔහු පවසා ඇත.

පනත අනුව මාස 12 කට වරක් අදාළ තොරතුරු යාවත්කාලීන කළ යුතු වූවත්, 2023, 2024 සහ 2025 වර්ෂවලදී අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට නොහැකිවී ඇති බව ඔහු සඳහන් කළා.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

ඒ අනුව අඳාළ තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළ ඉකුත් වසරේ (2025) නොවැම්බර් මස 10 වැනිදා සිට ආරම්භ කළ බව ඔහු පැවසුවා.

මෙම අවස්ථාවේ මුලින්ම සිදුකළ යුත්තේ සිය තොරතුරු වෙනස්වී ඇතිද, නැතිද යන්න ප්‍රකාශයට පත් කිරීම බවත්, ඒ අනුව පසුගිය ජනවාරි 19 වැනිදා දක්වා ඊට අවස්ථාව ලබාදී තිබූ බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තොරතුරු යාවත්කාලීන නොකළ සංඛ්‍යාවක් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

එබැවින් අන්ත දිළිඳු කාණ්ඩයේ පුද්ගලයන් 28,608 ක් සහ දිළිඳු කාණ්ඩයේ පුද්ගලයන් 56,548 ක් සිය තොරතුරු වෙනස්වී තිබේද, නැතිද යන්න යාවත්කාලීන කර නොමැති බව සභාපතිවරයා ප්‍රකාශ කළා.

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

ඒ අනුව, එම කාණ්ඩ දෙකේ 85,156 ක් අඳාළ තොරතුරු යාවත්කාලීන කර නැති බව සඳහන්. එසේ තොරතුරු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් ඊළඟ දීමනා ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන විට ඔවුන්ට ගෙවීම් නතර වන බවද ඔහු පෙන්වා දෙයි.

එබැවින් ඔවුන්ට විශාල අසාධාරණයක් සිදුවන බවද ඔහු පවසා ඇත. අඳාළ පිරිස දැනුවත් කිරීමට කටයුතු කර ඇතත්,ජනතාව අතරට එම පණිවුඩය ගොස් නැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.එමෙන්ම මෙම තොරතුරු යාවත්කාලීන කිරීම සම්බන්ධව ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත්කර ඇති බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එමෙන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් දිළිඳු කාණ්ඩයට මාසිකව රුපියල් 10,000 ක ප්‍රතිලාභයක්ද, අන්ත දිළිඳු කාණ්ඩයට මාසිකව රුපියල් 17,500 ක ප්‍රතිලාභ ලබා දෙයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් අන්ත දිළිඳු කාණ්ඩයේ ප්‍රතිලාභීන් 423,293 කටද, දිළිඳු කාණ්ඩයේ ප්‍රතිලාභීන් 851,042 කටද පසුගිය පෙබරවාරි මාසයේදී “අස්වැසුම“ප්‍රතිලාභ ගෙවා තිබෙනවා.

මෙම තොරතුරු “අස්වැසුම’’ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (18) දින පැවැති වැඩමුළුවකදී අනාවරණය විය.

කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්