වංචනික ක්‍රියාවක් පිළිබඳව පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබාදෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරන සිදුවීමක් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිළි ලැබී ඇති බව පොලීසිය පවසයි.

මීට අමතරව රැකියා අවස්ථා ලබාදෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවට ද පවසා විවිධ ගිණුම් වෙත වංවනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවටද පැමිණිලි ලැබී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේතක්ත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇත.

ඉදිරි පැය 36 සඳහා විශේෂ කාලගුණික නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා විශේෂ කාලගුණික නිවේදනයක්

මෙම කණ්ඩායම බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතත්, පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙතත් පැමිණිළි වාර්තා වී ඇත.

මෙවැනි වංචාවනික ක්‍රියා වලට හසු නොවන ලෙසට පොලීසිය විසින් මීට පෙර අවස්ථාවලදී ද මහජනතා දැනුවත් කර ඇති අතර මෙවැනි අවස්ථා වලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට පොලීසිය වැඩි දුරටත් දැනුම් දෙයි. මෙ පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

අන්ධ අලියා අලියා පුළුස්සා මැරූ තිදෙනාට ඇප

අන්ධ අලියා අලියා පුළුස්සා මැරූ තිදෙනාට ඇප