විස්සයි 20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට
2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ .
ඒ අනුව වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් පසු අද (19) ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත .
එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවයි.
තවද එම සංචිතයේ වෙනසක් නොකර බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සදහන් කර තිබේ.