දෙමාපියන්ට හදිසි දැන්වීමක්

covid19 infection mobile vehicles rich area hospital dr.Deepal Perera
By Sewvandhi Jun 02, 2021 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රිච්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන එන වාහන අසළට ළමයින් රැගෙන යාමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.රටේ වර්තමාන තත්වය යටතේ පිරිමි ළමයින් ගෘහස්ථව තබා ගැනීම වඩාත් හොඳ බව ඔහු පවසයි.

එළවළු , පලතුරු හා ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වාහන නිවස අසලට පැමිණෙන විට පිරිමි ළමයින් එම වාහන අසලට යාම සිරිතක් බව ඔහු සඳහන් කරයි. ළමයින්ට වාහන අසලට යාමට ඉඩ නොදිය යුතු බවත් නිවසේ වැඩිහිටියන්ට පමණක් වාහන අසලට යන ලෙසත් එතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඔහු පවසන්නේ භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු වහාම ඒවා ගෙදර තුළට රැගෙන නොයා යුතු බවත් ඒවා නිවසින් පිටත තබා නිසියාකාරව සේදීමෙන් අනතුරුව ගෙදරට ගෙන යා යුතු බවයි.

එසේම වැඩි දුරටත් කරුණු දක්වමින් එතුමා වයස අවුරුදු 2ත් 15 ත් අතර සියලුම දරුවන් මුඛ ආවරණයක් පැළඳීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ ය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now