කෘෂිකර්මාන්තය නගාසිටුවීමට රජයෙන් රුපියල් මිලියන 75,000ක්

Report

2026 වසරේදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සබලගැන්වීම සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 95,000 කට ආසන්න මුළු අරමුදලෙන් සියයට 80 කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සාර්ථකව උපයෝජනය කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වසරේ තෙවන කාර්තුවේ මුල් භාගය වන විටත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 15 ක් හරහා ණය යෝජනා ක්‍රම 5 ක් යටතේ ප්‍රතිලාභීන් 6,832 දෙනෙකු වෙත රුපියල් මිලියන 75,000 කට අධික මුදලක් නිකුත් කර තිබේ.

මෙම සමස්ත ණය මුදල් ප්‍රමාණයෙන් අවම වශයෙන් 20% ක් කාන්තා ව්‍යවසායකයින්ටත්, තවත් 20% ක් තරුණ ව්‍යවසායකයින්ටත් අනිවාර්යයෙන්ම ලබාදීමට පියවර ගෙන ඇත.

පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් හා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ව්‍යවසායකයින් සඳහා ක්‍රියාත්මක කළ විශේෂ ආපදා ණය යෝජනා ක්‍රමය යටතේ 3% ක සහන පොලියට ව්‍යවසායකයින් 3,966 දෙනෙකුට රුපියල් මිලියන 8,000 ක කාරක ප්‍රාග්ධන ලබා දී ඇති අතර, අක්‍රීය ණය කාණ්ඩයේ සිටි ව්‍යවසායකයින් 70 දෙනෙකුටද රුපියල් මිලියන 235 ක මුදලක් ලබා දී තිබේ.

ඔබේ මුළු ජීවීතයට බලපාන ග්‍රහචාරයක් සමඟ අද ලග්නයෙන් ලග්නය කියවෙන පලාපල මෙන්න

ඔබේ මුළු ජීවීතයට බලපාන ග්‍රහචාරයක් සමඟ අද ලග්නයෙන් ලග්නය කියවෙන පලාපල මෙන්න

මීට අමතරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ක්‍රියාත්මක "සරුසාර" ණය යෝජනා ක්‍රමය යටතේ භෝග වර්ග 34 ක් සඳහා සැලසුම් කළ රුපියල් මිලියන 25,000 ඉක්මවමින් මේ වන විට රුපියල් මිලියන 26,000 ක ණය නිකුත් කර ඇත.

තවද, රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 11,000 ක් ලබා දී වී මෙට්‍රික් ටොන් 70,000 ක් මිලදී ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

එමෙන්ම 2026 යල කන්නය වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන සැලසීමට රුපියල් මිලියන 7,500 ක් වෙන් කර ඇති අතර, ඇප රහිත ණය සපයන සී/ස ජාතික ණය සුරැකුම් ආයතනය හරහා රුපියල් මිලියන 9,650 කට ආසන්න ඇපකර ණය 2,143 ක් වෙනුවෙන් මේ වන විටත් නිකුත් කර අවසන්ය.

අද දවස පුරාම මේ මේ දිස්ත්‍රික්කවලට සිදුවෙන දේ පිළිබඳව අති විශේෂ දැනුම්දීමක්

අද දවස පුරාම මේ මේ දිස්ත්‍රික්කවලට සිදුවෙන දේ පිළිබඳව අති විශේෂ දැනුම්දීමක්