වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

Report

කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා ඇති හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

අද (25) අලුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවල කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හැකි හදිසි තත්ත්වයක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකළ දැනුම්දීමකට අනුව පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විටත් අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සහ පිළියම් යෙදීමේ ක්‍රියාමාර්ග සිදුකෙරෙමින් පවතින අතර, පරික්ෂණ කටයුතු අවසන් වූ පසු ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට නියමිත වේලාව ඉදිරියේදී මහජනතාව වෙත දැනුම් දෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ මුළු ජීවීතයට බලපාන ග්‍රහචාරයක් සමඟ අද ලග්නයෙන් ලග්නය කියවෙන පලාපල මෙන්න

ඔබේ මුළු ජීවීතයට බලපාන ග්‍රහචාරයක් සමඟ අද ලග්නයෙන් ලග්නය කියවෙන පලාපල මෙන්න

අද දවස පුරාම මේ මේ දිස්ත්‍රික්කවලට සිදුවෙන දේ පිළිබඳව අති විශේෂ දැනුම්දීමක්

අද දවස පුරාම මේ මේ දිස්ත්‍රික්කවලට සිදුවෙන දේ පිළිබඳව අති විශේෂ දැනුම්දීමක්