වනිඳුගේ පන්දු යැවීමේ රහස ඉන්දියානුවන් සොයා ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටින වටිනාම පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගගේ පන්දු යැවීම ලෝකයේ බොහෝ ප්‍රබල පිතිකරුවන් පිරිසකට හිසරදයක් බවට පත්වෙලා.
විවිධ උපක්‍රම කිහිපයක් යටතේ පන්දු යන්නෙකු වන වනිඳු T20 තරඟ රටාවේ ලෝකයේ සිටින විශිෂ්ඨ පන්දු යවන්නෙක්.ඒ හේතුවෙන් ඔහු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ T20 ශ්‍රේණිගත කිරීම්වල 03 වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා.
වනිඳුගේ මෙම හැකියාවන් අද වෙද්දී ක්‍රිකට් ලෝකය පුරාවට කැපී පෙනන දෙයක් බවට පත්වෙලා. ඒ නිසාම ලෝකයේ අනිකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල විශ්ලේෂකයන් වනිඳුගේ පන්දු යැවීම සහ පන්දු දෝලනය කිරිමේ ක්‍රමවේදයන් පිළිබඳව සෙවීම ආරම්භ කරලා.
මීට ආසන්න සිදුවීමක් ඊයේ (21) දිනයේ දී වාර්තා වුණා.එහිදී ට්විටර් සමාජ මාධ්‍ය මුලික කරගෙන සිටින ඉන්දීය ක්‍රිකට් විශ්ලේෂකයෙකු විසින් වනිඳුගේ පන්දු යැවීමේ ඉරියව් සියුම් අධ්‍යයනයකින් පසුව හඳුනාගෙන තියෙනවා.
ඔහු ඒ සම්බන්ධව විශේෂ වාර්තාවක් සහිත වීඩියෝවක් ද එම සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එහිදී වනිඳු විසින් යොමු කරන වොර්න්ග් අන් (Wrong’UN) පන්දුව,ලෙග් බ්‍රේක් (Leg Break) සහ ස්ලයිඩර් (Slider) යන පන්දු යැවීමේ ක්‍රම තුන පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
මෙම වීඩියෝ සම්බන්ධව ලෝක ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ පවා අවධානය යොමුව තිබෙනවා.
එහිදී මෙම වීඩියෝවට සිය අදහස් ප්‍රකාශ කරමින් පිරිසක් සඳහන් කර තිබුණේ ඉදිරි මාස කිහිපය තුළදී වනිඳුගේ පන්දු යැවීමේ ඉරියව් පහසුවෙන් හඳුනා ගැනිමට හැකිවනු ඇති බවයි.
මෙරට ක්‍රිකට් ලෝලීන් ද මෙම වීඩියෝව සම්බන්ධව අදහස් දක්වමින් පවසා තිබුණේ අජන්ත මෙන්ඩිස්ට සිදුවුණු දේ වනිඳුටත් සිදුවිය හැකි බවයි.
එම විශ්ලේෂණය දැක්වෙන
ට්විටර් සටහන
