මට ආදර කතාවක් තියෙනවා.. ඒ ආදරේ මාත් එක්ක ජීවත් වෙනවා.. වොල්ගා කාටත් හොරෙන් ජීවත් වෙන්නේ වස්ති අනුෂ්ක උදාන එක්කද..? බලන්නකෝ.. (PHOTOS)

Gossip Today Actors Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Jan 17, 2024 03:57 PM GMT
Sithumi

Sithumi

Report

එකිනෙකට වෙනස් චරිත නිරූපණයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි වෝල්ගා කල්පනී කියන්නේ.

පුංචි තිරයෙන් නිතරම දැක ගන්න ලැබුණේ නැතත් වොල්ගට ආදරේ කරන රසක ප්‍රජාවගේ නම් අඩුවක් වෙන්නේ නැහැ.

ඉතින් වෝල්ගා කලින් විවාහ වුනේ හර්ෂණ බෙත්මගේ කියන අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පියා සමග බව මේ වන විට නොරහසක්.

හැබැයි හිතන්නෙවත් නැති මොහොතක විවිධ නොගැලපීම් නිසා මේ දෙන්නම මේ විවාහයෙන් සමුගන්නවා.

හර්ෂ නම් මේ වන විට විවාහ වෙලා ආදරණීය දියණියකගේ පියෙක් වෙද්දී වොල්ගා තාමත් තනිකඩව තමයි ජීවිතය ගත කරන්නේ.

ඉතින් තනිකඩ ජීවිතය වෙනස් වෙයිද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ආදර කතාවක් තියෙනවා. ඒ ආදරේ මා එක්ක ජීවත් වෙනවා. කාලෙන් කාලෙට සමහර වෙලාවට ජීවිතේට එක එක අය ඇවිල්ලා අපිට එක එක දේවල් උගන්වන්නේ. මේ ආදර කතාව අපේ වයස සහ අපේ පරිණතවීම එක්ක මට ජීවිතේ කියන්නේ මොකක් ද කියන එක ඉගැන්නුවා. දේවල් බලාපොරොත්තු නොවී ඉන්න එක. ආදරේ කියන එක පවා පෙරලා බලාපොරොත්තු නොවී ආදරේ කරන්නේ කොහොමද කියන එක උගන්වපු ආදර කතාවක් මට දැන් තියෙන්නේ. කලිනුත් මම ආදරේ කළා. මට ඒ කාලේ ආදරේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුණේ නැහැ. දැන් මට ආදරේ සහ ජීවිතේ කියන එක හරියටම වැටහෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ ආදර කතාව හරි ලස්සන මට වංචා කරන්නේ නැති සුන්දර කතාවක්. ඒ කතාව මා එක්කම ඉස්සරහට යයි. මම කොහොමත් අනවශ්‍ය ලෙස මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය කරන්නේ නැහැ. නිරාවරණය කරන්නේ නැහැ කියන්නේ මම හිතාමතා හංගනවා කියන එකත් නෙවෙයි. මම එහෙම හංගලා වැඩ කරන්නේ නැහැ. මම අනිත් අය වගේ යන යන තැන ෆොටෝ දාන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය වෙලා නැත්තේ.”

ඉතින් ඇය මේ කියන්නේ වස්‍ති අනුශ්ක ගැන ද කියලා නම් සැකයක් තියනවා.

මොකද අනුශ්ක සහ වොල්ගා ගැන මේ වන විට සමාජ මාධ්‍යයේ සැරි සරන ඡායාරූපයක් හේතුවෙන්.

Sponsored By Sarrita Jewellery

මට ආදර කතාවක් තියෙනවා.. ඒ ආදරේ මාත් එක්ක ජීවත් වෙනවා.. වොල්ගා කාටත් හොරෙන් ජීවත් වෙන්නේ වස්ති අනුෂ්ක උදාන එක්කද..? බලන්නකෝ.. (PHOTOS) | Volga Kalpani

GalleryGalleryGalleryGalleryGallery
ReeCha