විරාන් චමුදිත ICC 19 න් පහළ කණ්ඩායමට
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති ICC 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ විරාන් චමුදිත තෝරා පත් කර තිබේ.
ඒ අනුව එහි සෙසු ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇත්තේ තරඟාවලියේ වීරයා වූ ඉන්දියාවේ විභවි සූර්‍යවංශියි.
12 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට නම් කර ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ද විරාන් චමුදිතයි.
මාතර ශාන්ත ස්වේෂස් විද්‍යාලයේ ක්‍රීඩකයෙකුවූ ඔහු ඉකුත් ලෝක කුසලාන තරඟාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් විය.