ප්‍රධාන නගරයක වාහන ගමනාගමනයට සීමා.
Delhi
India
World
By Hashini
දිල්ලි පරිසර අමාත්‍ය ගෝපාල් රායි ඔත්තේ - ඉරට්ටේ ක්‍රමවේදය යටතේ වාහන ගමනාගමනය සිමා කරණ බව පවසනවා.
එලෙස සිදු කරනු කරනු ලබන්නේ දිල්ලියේ වායු දුෂණය හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ක්‍රමවේදය දීපවලි උත්සවයෙන් අනතුරුව සිදු කිරීමට නියමිත බවයි.
ඒ අනුව නොවැම්බර් 13 සිට 20 දක්වා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකයි. ඔත්තේ දිනවලදී, 1, 3, 5, 7 සහ 9 න් අවසන් වන ලියාපදිංචි අංක සහිත වාහන ධාවනය කිරීමට අවසර දෙන අතර අනෙක් දිනයන්හි 0, 2, 4, 6, 8 න් අවසන් වන ලියාපදිංචි අංක සහිත වාහන ධාවනයට අවසර හිමිවනවා.
පෙරවරු 8 සිට රාත්‍රී දක්වා මෝටර් රථ මාර්ග වල ගමන් ගැනීමට අවසර හිමිවනවා.
අමාත්‍යවරයා පවසන්නේ දීවාලි උත්සවයෙන් පසු පරිසර දූෂණය වඩාත් නරක අතට හැරෙන බවට උපකල්පනය කර ඇති බවයි.
