බද්ධ ඉහළ දැමීමත් සමග වාහන වල නව මිල ගණන් මෙන්න..වැගන් ආර් සහ ඇක්වා මෝටර් රථ වල මිලට සිදු වූ දේ.
ඉන්ධන හා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී සිලින්ඩර් ධාරිතාව සහ ආයු කාලය පදනම් කරගෙන අය කරන බදු (Excise Duty) ඉහළ නංවා ඇති අතර, සියලු බදු සමග සාමාන්‍ය පුරවැසියකුට මිලදී ගත හැකි මෝටර් රථයක අවම මිල රුපියල් ලක්ෂ 50 ඉක්මවනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිනවා.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම බදු ඉහළ නංවා තිබෙන අතර, අදාළ ගැසට් නිවේදනය පෙරේදා (11) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, අදාළ වාහනයේ නිෂ්පාදිත දිනයේ සිය අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් බදු පනවා ඇත.
සෑම වසරකම Excise Duty මෙලෙස ඉහළ දැමූවද වාහන ආනයනයට අවසරය ලබාදීමට කටයුතු කර නැතැයි වාහන ආනයනකරුවෝ පවසයි.
කෙසේ නමුත්,ඔවුහු කියා සිටින්නේ, මෙය වාහන ආනයනයේදී අය කිරීමට නිශ්චිත අවසන් බද්ද නොවන බවයි.
වාහන ආනයනය කරන්නේ නම් අලුතින් ඊට අදාළව නීති සම්පාදනය කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව ද ආර්ථික විශ්ලේෂකයෝ පවසයි.
මෙම බදුවලට අමතරව එකතු කළ අගය මත බද්ද (VAT) සහ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය මත වටිනාකමට අදාළවද බදු එකතු කරනු ලැබේ.
මේ අනුව, ආනයනික වාහනවල මිල ගණන්ද, වර්තමාන වෙළෙඳපොළේ වාහන සඳහා පවතින මිලට සමාන හෝ ඊට වඩා වැඩිවනු ඇතැයිද වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කරයි.
කෙසේ නමුත්, වාහන ආනයනයේදී ඔවුහු කියා සිටින්නේ වැට් ඇතුළු සියළු බදු ප්‍රතිශතය සියයට 50 කින් පමණ ඉහළ යනු ඇති බවයි.
මෙම බදු සංශෝධන අනුව ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ එන්ජින් ධාරිතාවය 1500 CC වාහනයකට වැට් සහ අනෙකුත් බදුවලට අමතරව Excise Duty පමණක් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවය. එමෙන්ම එන්ජින් ධාරිතාවය 1000 CC වාහනයකට Excise Duty පමණක් රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. මේ අනුව, වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 70 ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන් පවසති.
එමෙන්ම, නව ඇක්වා මෝටර් රථයක් රුපියල් කෝටිය ඉක්මවනු ඇතැයිද ඔවුහු සඳහන් කරති. ප්‍රියස් නව මෝටර් රථයක් රුපියල් කෝටි දෙක ඉක්මවනු ඇතැයිද ඔවුහු පවසති.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම බදු ඉහළ නංවා තිබෙන අතර, අදාළ ගැසට් නිවේදනය පෙරේදා (11 වැනිදා) සිට බලපැවැත්වේ.
මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, අදාළ වාහනයේ නිෂ්පාදිත දිනයේ සිය අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් බදු පනවා තිබේ.
සෑම වසරකම Excise Duty මෙලෙස ඉහළ දැමූවද වාහන ආනයනයට අවසරය ලබාදීමට කටයුතු කර නැතැයි වාහන ආනයනකරුවෝ පවසති. කෙසේ නමුත්, මෙය වාහන ආනයනයේදී අය කිරීමට නිශ්චිත අවසන් බද්ද නොවන බවද ඔවුහු කියා සිටිති.
වාහන ආනයනය කරන්නේ නම් අලුතින් ඊට අදාළව නීති සම්පාදනය කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
මෙම බදුවලට අමතරව එකතු කළ අගය මත බද්ද (VAT) සහ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය මත වටිනාකමට අදාළවද බදු එකතු කෙරේ.
මේ අනුව, ආනයනික වාහනවල මිල ගණන්ද, වර්තමාන වෙළෙඳපොළේ වාහන සඳහා පවතින මිලට සමාන හෝ ඊට වඩා වැඩිවනු ඇතැයිද වාහන ආනයනකරුවෝ කියති.
කෙසේ නමුත්, වාහන ආනයනයේදී අය කරන වැට් ඇතුළු සියළු බදු ප්‍රතිශතය සියයට 50 කින් පමණ ඉහළ යනු ඇතැයිද ඔවුහු කියා සිටිති.
මෙම බදු සංශෝධන අනුව ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ එන්ජින් ධාරිතාවය 1500 CC වාහනයකට වැට් සහ අනෙකුත් බදුවලට අමතරව Excise Duty පමණක් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවය.
එමෙන්ම එන්ජින් ධාරිතාවය 1000 CC වාහනයකට Excise Duty පමණක් රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ.
මේ අනුව, වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 70 ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන් පවසති. එමෙන්ම, නව ඇක්වා මෝටර් රථයක් රුපියල් කෝටිය ඉක්මවනු ඇතැයිද ඔවුහු සඳහන් කරති. ප්‍රියස් නව මෝටර් රථයක් රුපියල් කෝටි දෙක ඉක්මවනු ඇතැයිද ඔවුහු පවසති.