කොළඹ පෙදෙසක හදිසියේ දැඩි රථවාහන තද බදයක්..

Colombo Baththaramulle Picketing Isurupaya Vehicle traffic
By Aruna Nov 08, 2021 07:32 AM GMT
Aruna

Aruna

Report

විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල - ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අවට රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා.

මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව (174 බස් මාර්ගය) පැලවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද උදෑසන විද්‍යාපීඨ 19ක ආචාර්ය සංගම් සහ දෙමව්පියන් බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක් ආරම්භ කළා.

මොවුන් මෙලෙස විරෝධතාවක නිරත වන්නේ, අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉල්ලමින්.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන බවට ප්‍රකාශ කර ඇතත්, ඊට අදාළ කැබිනට් අනුමැතිය පවා ලැබී තිබියදී ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඊට බාධා පමුණුවන බවයි විරෝධතාවට එක්වෙමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha