අද කොල්ලුපිටිය පැත්තට යනවනම් මේ දේවල් දැනගෙන යන්න..
Police
Police announcement
Kollupitiya
Vehicle rule
By Aruna
අද (19) පෙරවරු 6.00 සිට කොල්ලුපිටිය, උත්තරානන්ද සහ රොටුන්ඩා මාවත්වල වාහන ධාවනය එක දෙසකට පමණක් සීමා කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
උත්තරානන්ද මාවතේ එක තීරුවක් සංවර්ධනය කිරීම නිසා මෙම සීමාව පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව රොටුන්ඩා මංසන්දියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දූල් මාකන් මාවත දෙසටයි සර් ජේම්ස් පීරිස් මාවතෙන් පෙරහැර මාවතට ඇතුළු වන වාහන රොටුන්ඩා වට රවුම දෙසට ගමන් කළ නොහැකි අතර වාහන ධාවනය කළ හැක්කේ ගාලු පාරේ සිට රොටුන්ඩා වටරවුම දක්වා පමණක් බවද පොලිසිය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
