මෙරට වාහන මිලට වෙන්න යන දේ මෙන්න…පාරිභෝගිකයින්ට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Vehicle price Mortar car
By Aruna Sep 07, 2021 12:49 AM GMT
Report

මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

පවතින තත්වය මත වාහන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දැඩි අපහසුතාවය පත්ව සිටින බවද ඔහු පැවසීය.

දැනට වාහන මිල ඉහල යාම පාලනය සදහා ජනතාව කල යුත්තේ ව්‍යවසනකාරි කාලයක නොවටිනා මිල ගණන්වලට වාහන මිලට නොගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවහොත් අසීමිතව මිල ඉහල යාමද පාලනය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now