දකුණු අප්‍රිකාවෙන් කැනඩාවට ලොකු ඉලක්කයක්
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ නව වැනි තරගය ලෙසින් අද (09) දින පැවැත්වෙන කැනඩා - දකුණු අප්‍රිකා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 213ක් රැස් කර ඇත.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී යමෙන් අනතුරුවයි.
අද තරගයේ කාසියේ වාසිය කැනඩාව හිමිකරගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටියා.
ඒ අනුව, පිටියට පිවිසි නායක ඒඩන් මාක්‍රම් ලකුණු 59ක්ද, රයන් රිකෙල්ටන් ලකුණු 33ක්ද, ක්වින්ටන් ඩි. කොක් ලකුණු 25ක්ද, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 39ක්ද, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 34ක්ද ලෙස දකුණු අප්‍රිකාවට ලකුණු රැස් කළා.
එමෙන්ම පන්දු යැවීමේදී කැනඩාව වෙනුවෙන්, අන්ෂ් පටෙල් කඩුළු 03ක්ද, දිල්ප්‍රීත් බජ්වා එක් කඩුල්ලක්ද බැගින් දවා ගැනීමට සමත් විය.