ජනපති හා ඇමති පකිස්ථානයට ස්තූති කරයි - ඉන්දියා පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ
ලබන 15 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් මීට පෙර දැනුම්දී තිබුණි.
එවන් පසුබිමක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (09) පස්වරුවේ පවත්වා තිබුණි.
එහිදී ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපතිවරයා, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඉන් අනතුරුව මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගය සඳහා සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී ඇත.
පාකිස්තාන රජය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී සඳහන් කර තිබුණේ නියමිත කාලසටහනට අනුව පෙබරවාරි මස 15වන දින ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය සඳහා පිටියට පිවිසෙන ලෙසයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලු ජාතීන්ට මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය වීමට මෙම තීරණය ගෙන ඇති බව පාකිස්තානු රජය පෙන්වාදී තිබුණි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා විසින් නිල වශයෙන් ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත.
ඒ අනුව ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් නිල X ගිණුමේ සටහනක් තබා ඇත.
Thank you Prime Minister @CMShehbaz for ensuring the game we all love goes on. Delighted that the eagerly awaited India and Pakistan match at the ongoing T20 Cricket World Cup in Colombo will proceed as planned.
— Anura Kumara Dissanayake (@anuradisanayake) February 9, 2026
As co-host of the tournament, Sri Lanka thanks the @ICC and all…
Thankful to Prime Minister @CMShehbaz, the Government of Pakistan, and @ForeignOfficePk for positively considering Sri Lanka’s request. I also appreciate @TheRealPCB and Pakistan’s sports authorities for their cooperation. A gesture that reflects sportsmanship, friendship, and…
— Vijitha Herath (@HMVijithaHerath) February 10, 2026
