සුබ ආරංචියක් ආයේ වෙරළේ මේ අපද්‍රව්‍ය ඉතුරු වෙන්නේ නෑ - මිලියන 56ක ලොකු වැඩක්
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඒ අනුව දීර්ඝ කාලයක් පුරාවට ධීවර වරායන්, තොටුපළවල් සහ වෙරළ තීරයන් හී ගොඩගැසී පවතින ෆයිබර්ග්ලාස් බෝට්ටු සහ අපද්‍රව්‍ය විධිමත් ආකාරයට කළමනාකරණ කිරීමට ධීවර අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතිය මඟින් අදාළ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අදාළ ගිවිසුම අද (09) දින ධීවර අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.
එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කළේ රජය මඟින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල ඔස්සේ මෙම මිලියන 56ක මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් සී-නෝර් පදනමේ සභාපති අජිත එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ පැයකට කිලෝග්‍රෑම් 500ක ධාරිතාවයකින් යුත් මෙම නවීන යන්ත්‍රයෙන් ෆයිබර්ග්ලාස් කොටස් කුඩා කැබලිවලට කපා, කුඩු කර සිමෙන්ති සමඟ මිශ්‍ර කිරීමෙන් බ්ලොක් ගල්, පේවින් බ්ලොක් සහ කම්බි කණු වැනි නිෂ්පාදන සිදුකරනු බවයි.
තවද ඔහු කියා සිටියේ වැලි වෙනුවට 30%ක් පමණ මෙම ෆයිබර් කුඩු ආදේශ කිරීමෙන් නිපදවන ගඩොල් සාමාන්‍ය ගඩොල්වලට වඩා බරින් අඩු සහ ශක්තියෙන් වැඩි බවත් පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් ඒ මහතා සඳහන් කළා.
මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ද සහභාගි විය.