ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට නව අධ්‍යක්ෂවරියක් හදුන්වා දෙයි

Report

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර ඇත.

ඒ අනුව ඇය අද (09) කොළඹදී සිය ධුරයේ වැඩ භාර ගෙන තිබුණි. කව්ලින් මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව සමඟ වසර 13 ක් ඇතුළුව වසර 26 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති නිලධාරිනියක් බව වාර්තා වේ.

එමෙන්ම බලශක්ති, දේශගුණික, පරිසර, වායු ගුණාත්මකභාවය, මහජන සෞඛ්‍ය සහ ආහාර-ජල ක්ෂේත්‍ර හරහා ආයෝජන ව්‍යාපෘති මෙහෙයුම්, ප්‍රතිපත්තිමය කටයුතු පිළිබඳ ඇය විශේෂඥතාවය දක්වයි.

සැප්තැම්බර්වල එන අලුත් හැඳුනුම්පත ගැන දැනුම්දීමක්

සැප්තැම්බර්වල එන අලුත් හැඳුනුම්පත ගැන දැනුම්දීමක්

2023 සිට ආසියානු සංවර්ධන බැංකුවේ මොන්ගෝලියා නේවාසික මෙහෙයුමේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ද ඇය සේවය කර තිබේ.

ඇය අමෙරිකාවේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ කළමනාකාරිනියක් වූ අතර, එහිදී ඇය අමෙරිකා එක්සත් ජනපදය-ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපීය බලශක්ති සහයෝගීතා ප්‍රයත්නයන් මෙහෙයා තිබේ.

රට පැන්න පාතාල ලොක්කෝ 103කට රතු නිවේදන

රට පැන්න පාතාල ලොක්කෝ 103කට රතු නිවේදන