වාහන සිහිනය සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය..මිල ගණනුත් පහල යයි..

Report

දේශීයව එකලස් කරන මෝටර් වාහන සඳහා බදු සහන සැලසීමේ තීරණයට අනුව දේශීයව වෙළෙඳපොළ වෙත නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව සඳහා උපරිම සීමාවක් පැනවීමට රජය අවධානය යොමු කර ඇතැයි වාර්තා වනවා.

මෙමගින් ඉලක්ක සාර්ථක වීමේදී ප්‍රතිලාභ සැලසීමේ සහ අසාර්ථක වීමේදී දඩ පැනවෙන ක්‍රමවේදයක්ද යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව මෝටර් වාහන එකලස් කිරීම සිදු කරන කර්මාන්ත සඳහා තීරුබදු සහිත හෝ රහිත බදු සහන සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

වාහන සිහිනය සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය..මිල ගණනුත් පහල යයි.. | Vehicle Price Sri Lanka

ඊට අදාළව කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක්ද යොමු කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේදී, දේශීය විදුලි වාහන සහ දෙමුහුන් වාහන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබුවා.

මේ අනුව නව උපාංග භාවිත කරමින් දේශීයව වාහන එකලස් කරන කර්මාන්ත සඳහා බදු සහනයක් හඳුන්වා දී තිබීම ද විශේෂත්වයක්.

වාහන සිහිනය සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය..මිල ගණනුත් පහල යයි.. | Vehicle Price Sri Lanka

ඒ අනුව රෝද හතරේ වාහන සඳහා සියයට විස්සක දේශීය එකතු කළ අගයක්ද රෝද දෙකේ වාහන සහ විදුලි ත්‍රිරෝද රථ සඳහා සියයට විසි පහක දේශීය එකතු කළ අගයක්ද හඳුන්වාදී තිබේ.

මේ වන විට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියුතු ප්‍රසිද්ධ සන්නාම සමාගම් එකොළහක් ඇතුළු සමාගම් විසිනමයක් ඉදිරිපත්ව ඇති අතර ඉන් සමාගම් හතක් මේ වන විටත් ආයෝජනය කර ඇති බවයි පැවසෙන්නේ.

වාහන සිහිනය සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය..මිල ගණනුත් පහල යයි.. | Vehicle Price Sri Lanka