සියලුම රථවාහන හිමියන්ට අතිශය වැදගත් දෙයක්..මේ ගැන අදම දැනුවත් වන්න.

AIA Insurance Lanka Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Sep 06, 2024 06:50 AM GMT
Aruna

Aruna

Report

මූලිකවම වර්තමානයේදි බොහෝමයක් රථ වාහන හිමියන් වන්දි හිමිකම් ලබා ගැනීමට යාමේදී මුහුණ දෙන සුලබ ගැටලුවක් ලෙස රථය නියමිත වෙළෙඳපොළ වටිනාකමට රක්ෂණය වී නොමැති වීම සම්බන්ධයෙන් ගැටලුව පෙන්වාදිය හැකියි.

ඒ අනුව ඔබ කල් බදු ගිවිසුමක් මාර්ගයෙන් මීට වසර පහකට ප්‍රථමයෙන් මිලදීගත් අයෙක් නම් ඔබ විසින් තක්සේරු වර්තාවක් මගින් ලබා ගත් තක්සේරුවට සාපේක්ෂව වර්තමානයේදී රථයේ වෙළෙඳපොළ වටිනාකම සීයට පනහකට ආසන්න පුමාණයකින් වැඩිවී තිබෙන්නට හැකියාවක් පවතී.

උදාහරණයක් ලෙස ඔබ 2019 වසරේදි suzuki wagon r රථයක් ලක්ෂ තිස් පහක මුදලකට තක්සේරු කළත් වර්තමානයේදී එහි වටිනාකම ලක්ෂ හතළිස් පහත් හැට පහත් අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

නාමල්ට තවත් ප්‍රබලයින් 40ක් එක් වෙයි..එම පිරිස මෙන්න..

නාමල්ට තවත් ප්‍රබලයින් 40ක් එක් වෙයි..එම පිරිස මෙන්න..


ඒ අනුව නියමිත වෙළෙඳපොළ වටිනාකමට රථයක් රක්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පවතින්නේ පාරිභෝගිකයා වන ඔබටය.

ඒ අනුව, නියමිත වෙළෙඳපොළ වටිනාකමට රක්ෂණය වී නැති රථයක් අනතුරකට භාජනය වූ විට නියමිත වන්දි හිමිකමෙන් හරි අඩක් අහිමි වීමට හැකියාව පවතී. ඒ අවදානමෙන් මිදීමට නිසැක වශයෙන්ම ඔබ නියමිත වෙළෙඳපොළ වටිනාකමට තමන්ගේ රථය රක්ෂණය කළ යුතු වනවා.

රථයේ වෙළෙඳපොළ වටිනාකම ඉහළ දමන විට අමතර වාරික මුදලක් ගෙවීමට සිදු වන අතර, එය නියමිත අයුරින් ගෙවා සම්මත පටිපාටියට රක්ෂණය කළහොත් ඔබට අපහසුතාවලින් අත්මිදීමට හැකියාව ඇත.

නමුත් බහුතර පාරිභෝගිකයන් විසින් අමතර වාරිකයක් ගෙවා නියමිත වෙළෙඳපොළ වටිනාකමට රථය රක්ෂණය කිරීමට මැලිකමක් දක්වයි.

එසේ කරන්නේ ඒ මොහොතේ තියෙන මූල්‍ය වාසිය නිසායි. ඇතැම් විට රක්ෂණ ආයතන විසින් විවිධ මාර්ග ඔස්සේ පාරිභෝගික ඔබ දැනුවත් කළත් ඔබ ඒ අවස්ථාවල එවැනි පණිවුඩය නොසලකා හැරීමට කටයුතු කරන අවස්ථා බොහෝයි .

එවැනි පසුබිමක් තුළ ඔබගේ රථය අනතුරකදී සිදුවන මූල්‍ය පාඩුව හමුවේ ඔබ රක්ෂණ ආයතනය සමග කොතරම් සංවාද පැවතුණද සුවිශේෂ කරුණක් නැතිනම් ඔබට සම්පූර්ණ වන්දි මුදල නොලැබෙන බව නිසැක වශයෙන්ම පැවසිය යුතු කාරණයකි.

එම නිසා නියමිත මුදලට රක්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් වගකීම පැහැර නොහැර සිටීමට වගබලා ගත යුතුයි.

ඔබට වන්දි හිමිකම් නොලැබී යාම සම්බන්ධයෙන් පවතින තවත් අවදානමක් වන්නෙ අනතුර සිදු වූ අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් ආයතනය දැනුවත් නොකිරීමය. ඔබ රිය අනතුරක් නිසා ව්‍යකූල භාවයට පත් වේ.

මෙරට බෝම්බ පිපිරීමකින් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරේ.

මෙරට බෝම්බ පිපිරීමකින් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරේ.


එහිදී ඔබට ඒ අවස්ථාවේ සිදු කළ යුතු වැදගත් කරුණු මගහැර යා සිටීමෙ සම්භාවිතාවක් බොහෝසෙයින් පවතිනවා.

නමුත් වන්දි හිමිකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබ මූලිකවම කළ යුත්තේ අනතුර සිදු වූ වාහම රක්ෂණ ආයතනය දැනුවත් කිරීමය.

එහිදි ඔබට ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමෙන් වන්දි හිමිකම් ලබා ගැනීම සම්බන්ධයෙන් අවහිරතා මග හැර යාමට හැකියාව පවතී.

ඔබ රිය අනතුරකට භාජනය වී හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමක් සිදු වූ විට ඔබට රක්ෂණ ආයතනය දැනුවත් කිරීමක් සිදු කිරීමට නොහැකි නිසා ඒ බව තහවුරු කිරීම සඳහා රක්ෂණ ආයතනයට වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම කළ යුතුව තිබේ.

ඇතැම් අවස්ථාවල ඔබගේ රථය අනතුරකට ලක් කොට පලා යන රථවාහන හමුවේ ඔබ කළ යුත්තේ අනතුර සිදු වූ වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි.

අනතුරුව රක්ෂණ ආයතනයද දැනුවත් කිරීමෙන් වන්දි හිමිකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබට සිදු වන අපහසුතාවන් ඒ මගින් අවම වීමට හැකියාව පවතී.

ඔබ යම් අනතුරක් සම්බන්ධයෙන් රක්ෂණ ආයතනය දැනුවත් කර අනතුරට අදාළව සම්පූර්ණ වන්දි මුදල හෝ අත්තිකාරම් මුදලක් ගෙන රථය අලුත්වැඩියා කර ගැනීම පැහැර හැර හෝ කල් දමමින් සිටින අතර වාරයේ තවත් අනතුරක් සිදු වුවහොත් ඔබට වන්දි මුදල් කිසිවක් නොලැබී යාමට හැකියාව ඇත.

පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක් හිමි වෙයි..ලබන 09 යේ සිට 20 දක්වා අයදුම් කරන්නැයි දැනුම්දෙයි.

පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක් හිමි වෙයි..ලබන 09 යේ සිට 20 දක්වා අයදුම් කරන්නැයි දැනුම්දෙයි.


එයට හේතුව කලින් සිදු වූ අනතුර අලුත්වැඩියා කොට රක්ෂණ ආයතනයට රථය නොපෙන්වීමයි. එවිට පෙර අනතුර පිට දමා ඔබගේ රථයේ වර්තමාන අනතුර නොසලකා හරීයි.

ඒ අනුව ඔබගේ රථය යම් අනතුරකට භාජනය වූ විට එය අලුත්වැඩියා කොට රක්ෂණ ආයතනයට ගොස් අලුත්වැඩියා කෙරූ රථය රක්ෂණ ආයතනයේ නිරීක්ෂණයට ලක් කිරීමට පාරිභෝගික ඔබ විසින් කටයුතු කළ යුතුව ඇත.

එසේ නොමැතිව රථය නැවතත් අනතුරකට භාජනය වුවහොත් පෙර සඳහන් කළ පරිදි ඔබට රක්ෂණ ආයතනය සමග ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණු දීමට සිදු විය වේ.

ඔබ රක්ෂණයක් මිලදී ගැනීමේදී ඔබගේ නිවැරදි අවශ්‍යතාවට රක්ෂණයක් මිලදී ගත යුතුය.

උදහරණයක් ලෙස ඔබ කුලී ධාවනයේ යෙදෙන ලොරි රථයක් හිමි අයෙක් නම් ඔබ පෞද්ගලික පරිහරණයට ආදළව යම් රක්ෂණයක් මිලදී ගැනීම සිදු කළහොත් ඔබට වන්දි හිමිකම් ලබා ගැනීමට යාමේදී වන්දි හිමිකම් කිසිවක් නොලැබී යා හැකිය.

එම නිසා තමන් යම් රථයක් පරිහරණය කරන නිවැරදි අවශ්‍යතාවයට ආදළව රක්ෂණයක් මිලදීගත යුතුය. එසේම ඔබට වෙනත් පුද්ගලයකුගේ රක්ෂණයක් හරහා වන්දි හිමිකම් ලබා ගැනීම සිදු කළ නොහැකිය.

එනම් යම් අයෙකු රථයක් විකිණීමේදී ඔහු හෝ ඇය සතුව පවතින පූර්ණ රක්ෂණවරණය ඔබට පරිහරණය කිරීමට ලබා දිය හැකිය.

ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙක්ට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන ආරංචියක්..

ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙක්ට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන ආරංචියක්..


ඔබ එවිට යම් උපකල්පනයක යෙදුණොත් ඒ රක්ෂණ සහතිකය මගින් ඔබ යටතේ පවතින රථයට වන්දි හිමිකම් ලබා ගැනීමට හැකියි කියා එය සිතලුවක් පමණි.

ඔබ කළ යුතු වන්නෙ ඔබ මිලදී ගත් රථයට පූර්ණ රක්ෂණාවරණයක් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් අයකුගේ පූර්ණ රක්ෂණාවරණයකින් ඔබට වන්දි හිමිකම් ලබා ගැනීමට උත්සාහ කිරීම නොවෙයි.

යම් රථයක් ඇදගෙන යාමට හෝ ආපදා රථයක් මාර්ගයෙන් අනතුර සිදු වූ ස්ථානයේ සිට ගාරජයක් දක්වා ප්‍රවාහනය කිරීමට සිදු වන අවස්ථාවකදී ඔබ ඇදගෙන යාමෙ ආවරණය ලබා නොගෙන සිටියොත් ඔබට එම ආපදා රථයට ආදළව ගෙවීම රක්ෂණ ආයතනය මගින් නොලැබී යා හැකිය.

වර්තමානයේදී අධිවේගී මාර්ගවලදි මෙන්ම දුර බැහැර ප්‍රදේශයවලදි අනතුරු සිදු විය හැකිය.

ඒ අනුව ඔබට අවශ්‍ය පරිදි ඇදගෙන යාමෙ ගාස්තු එක්කර ගැනීමට කටයුතු කිරීම මගින් ඔබට විශාල මූල්‍ය සහනයක් අනතුරකදී සැලසෙනු ඇත.

ඔබට අනතුරකදී වන්දි හිමිකම් නොලැබී යාමට විශාල සම්භාවිතාවක් පවතින තවත් තත්ත්වයක් වනුයේ බීමත්ව රිය ධාවනයේ යෙදී සිදුවන අනතුරුයි.

බීමත්ව රිය පැදවීම නීතිවිරෝධී වේ. ඒ අනුව රක්ෂණ ආයතනය බිමත්ව රිය පදවා සිදුවන අනතුරුවලට වන්දි හිමිකම් ප්‍රදානය කිරීම සිදුකළහොත් එමගින් සිදු වන්නෙ බීමත්ව රිය පැදවීම ප්‍රවර්ධනය කිරීමකි.

ඔබගේ රථයේ ගෙවී ගිය ටයර ඇත්නම් ඒවා නිසැක වශයෙන්ම මාරු කොට ධාවනයට සුදුසු ටයර එකතු කර ගැනීම සිදු කළ යුතුය.

එසේ නොමැතිව රථයේ ටයර අධික ගෙවීමකට භාජනය වී ලිස්සා ගොස් සිදු වන අනතුරුවලට වන්දි හිමිකම් ලබා ගැනීම සාපේක්ෂව අසීරුය.

ඒ අනුව ඔබ අනතුරක් සිදුවීම වළක්වා ගැනීම සිතාමතාම පැහැර හැර ඇත. එසේම ඔබගේ රථය නවතා තැබීමේදී අත් තිරිංග පද්ධතිය ක්‍රියා කරවීමෙන් තොරව සිදුවන අනතුරු සඳහාද වන්දි හිමිකම් නොලැබී යාමේ දැඩි අවදානමක් පවතියි.

තැපැල් ඡන්දය දාන සියලුම දෙනාට අද විශේෂ දිනයක් වෙයි..

තැපැල් ඡන්දය දාන සියලුම දෙනාට අද විශේෂ දිනයක් වෙයි..


ඔබගේ නොසැලකිලිමත් භාවය වන්දි හිමිකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය අවහිර කරනු ඇත. මෙකී අඩුපාඩු හා වැරදි ඔබ අවම කරගන්නා තරමට ඔබේ රක්ෂණ වන්දි හිමි කම ලබා ගැනීමේ දී මූණ පෑමට සිදු වන අවහිරතා අවම කරගත හැක.

ඔබ රථ වාහන හිමි කරුවකු නම් ඔබගේ මෙන්ම අන් අයගේ ජීවිත හා දේපල ආරක්ෂා කරගැනීමට සැලකිලිමත්ව රිය පැදවීම සිදු කළ යුතු අතර රක්ෂණාවරණයක් ලබා ගැනීමේදී අදාල රක්ෂණ සමාගම සමග අවංකව හා විශ්වාසයෙන් කටයුතු කිරීමට වග බලා ගැනීමද වැදගත් වේ.

ReeCha