ගිනස් වාර්තා පොතට ගිය කුකුළා - මේක නම් පුදුමයක්ම තමයි..(PHOTOS)

Guinness World Records Latest Headlines
By Sewvandhi Nov 28, 2024 12:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝකයේ සමහර පුදුමයන් හරිම අපුරුයි.මේ කියන්න යන්නෙත් එහෙම අරුම පුදුම ගොඩනැගිල්ලක් ගැන.මේක හෝටලයක්. නිකම්ම නිකම් හෝටලයක් නම් නෙමයි ගිනස් වාර්තා පොතට ගිය හෝටලයක්.

මේක කුකුළෙකුගේ හැඩය ගත් අපූරු ගොඩනැගිල්ලක්. ඔව් ඔයා කියෙව්වා හරි ... ඒ ගොඩනැගිල්ල ලොකු කුකුළෙක් විදියටයි හදලා තියෙන්නේ... එය පිහිටලා තියෙන්නෙ පිලිපීනයේ නෙග්‍රෝස්වල. පිලිපීනයට යන සංචාරකයින්ට මේ අත්දැකීම අපුරුයි කියලා තමා ආරංචි වෙන්නේ.

ගොඩනැගිල්ල ලෝක වාර්තා අතරටත් ගිහින් තියෙන් 'කුකුළෙකුගේ හැඩැති ලොව විශාලතම ගොඩනැගිල්ල' හැටියට. මේ යෝධ කුකුළා ගැන තව තොරතුරු වාර්තා වෙනවා.. මේ ගොඩනැගිල්ල තට්ටු හයකින් යුක්තයි කියලා තමා විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි කාමර 15 ක් තිබෙනවාලු .. ඒවා සියල්ලම වායුසමීකරණය කළ ඒවා බව සඳහන්. මේ එකම කාමරයකටවත් ජනේල නෑ. අපූරු ගෘහ නිර්මාණ ශිල්පීය කුසලතා විද්‍යාමාන කරන, මෙම ගොඩනැගිල්ලේ නිර්මාණකරු Ricardo Cano Gwapo Tan සඳහන් කරන්නේ තමන්ට ලෝකයට විශාල උරුමයක් ශේෂ කිරීමට අවැසි වූ බැවින් මෙවන් නිර්මාණයක් කළ බව‍යි.

ඒ වගේම මෙමඟින් නෙග්‍රෝස් වැසියන්ට කුකුළාගේ වැදගත්කම සිහිගැන්වීමත් එක් අරමුණක් වුණු බවයි ඔහු පවසන්නෙ."සබොන්ග්" ලෙස හඳුන්වන 'කුකුල් පොර' පිලිපීනයේ ස්පාඤ්ඤ යටත් විජිත පාලනයට පෙර පැවති සම්ප්‍රදායික තේමාවක්.එය ඉන්දියාවේ තහනම් කර ඇතත් තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ද ප්‍රචලිතයි.

ඉතින්, ඒ සාම්ප්‍රදායික වටිනාකම් සිහි කැඳවීමත් මේ යෝධ කුකුළා මඟින් සිදු කෙරෙනවා. ඒත් එක්කම කුකුළු කර්මාන්තය කියන්නෙ, ඌරු අභිජනනයට අමතරව නෙග්‍රෝස් හි ප්‍රමුඛතම දේශීය කර්මාන්තවලින් එකක්.ඒ වටිනාකම් සියල්ලම මේ නිර්මාණයෙන් නිරූපනය කරන්න මෙහි නිර්මාණකරුවට අවශ්‍ය වුණා කියලා මාධ්‍ය වාර්තා කරනවා.

කුකුළු රුවක් සහිතව ඉදිකර ඇති මෙම හෝටලයේ, පුද්ගලයන් හතර දෙනෙකු සඳහා කාමරයක් ඩොලර් 80 ට අඩු වන බව සඳහන්.පුද්ගලයන් හත් දෙනෙකු දක්වා විශාල කණ්ඩායම් සඳහා ඩොලර් 120 ක් පමණ වැය වන බවයි කියවෙන්නෙ. මීට දශක ගණනාවකට පෙර මෙම කදු මුදුන් බිම් ප්‍රදේශය මිලට ගන්නා විට ඉතාමත් පාලු හා නිස්කලංක කදුකර ප්‍රදේශයක් බවයි තොරතුරු වාර්තා වෙන්නේ නමුත් දැන් මෙම කුකුළා හෝටල් පරිශ්‍රය ලෝක ප්‍රකට නිවාඩු නිකේතනයක් වෙනවා.

ලොව පුරා අවදානය මේ කුකුළා හෝටලයට අඩුනැතිව ලැබෙනවා...දැන් මේ හෝටලය අවන්හලක්, ආපන ශාලාවක් සහ අමුත්තන්ට විනෝදාස්වාදය සඳහා ඩයිනෝසෝරයන් සහ කාටූන් ප්‍රතිමා සිය ගණනකින් සමන්විත අපූරු බිමක්. ආරම්භයේදීම ඔබට කිව්වනෙ, මේ යෝධ කුකුළා ගිනස් පොතටත් ගිහින් ඉන්නෙ කියලා. ගිනස් ලෝක වාර්තා කමිටුවට අනුව, මේ යෝධ කුකුළු සංකල්පය සැලසුම් කිරීමට පමණක් මාස හයක් පමණ ගතවෙලා.

ඉදිකිරීම් ආරම්භ වෙලා තියෙන්නෙ, 2023 ජූනි 10.2024 සැප්තැම්බර් 8 වෙද්දි එහි ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා තිබෙනවා... ඉතාමත් මනරම් කදු සිරසක හදලා තියෙන මේ හෝටලය මේ කාලයේ හුඟාක් සුන්දර සංචාරක කලාපයක් බවට පත් වෙලා තිබෙන නිසා පිලිපීනයට එන සංචාරකයින්ගේ උනන්දුව හුඟාක් වැඩි වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.(උපුටාගැනීමක්)

GalleryGallery
ReeCha