දෙදෙනකුට බරපතළ තුවාල සිදුවූ ප්‍රබල වෑන් රථ අනතුර....(PHOTOS)
By Sithumi
කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ජබුරලිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් වෙලකට පෙරළී යාමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කැස්බෑව සිට බණ්ඩාරගම දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී එකවරම ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් වට කීපයක් කැරකී වෙලට පෙරළී ඇතැයි පොලිසිය පවසනවා.
අනතුරට හේතුව අධික වේගය ද කාර්මික දෝෂය ද යන්න මෙතෙක් හෙළි වී හෙළිවී නැතැයි පොලිසිය පවසන අතර තුවාල ලැබූවන් පානදුර පදිංචිකරුවන්.
අනතුරින් වෑන් රථයට බරපතල අලාභ සිදු වී ඇති අතර කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


