පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පොලීසියේ හතරට අද ලැබුණු නියෝගය..
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
By Sewvandhi
වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිව්දෙනා ඇපමත මුදා හැර තිබේ.
ඊයේ (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ,අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීම යන චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
අද (13) ,අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු සිව්දෙනා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, විනයානුකූලව කටයුතු කිරීම සඳහා මෙම සිව්දෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.
You may like this video 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)