දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ

Srilank vaccsination
By Sithumi Oct 12, 2021 01:45 PM GMT
Sithumi

Sithumi

Report

නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 

මේ අතර රටේ කොරෝනා ප්‍රශ්නයක් ලෙස අඩු තරම්න් තව වසරක කාලයක්වත් පවතිනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. විවිධ රෝගාබාධවලින් පෙළෙන දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම වැදගත් බවත් නිරෝගි දරුවන්ට මූලික සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීමට කිරීමට මග පෙන්වීම් ලබාදීම ප්‍රමාණවත් බවත් මහාචාර්යවරයා පැවසුවේය. 

 සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් සොයා බැලීමට පාසල් මට්ටමින් කමිටු පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය. එන්නතෙන් සිදුවන්නේ වයිරසයේ පැතිරීම පාලනය නොව වයිරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ ඉස්මතුවීම සහ මරණ වැළැක්වීම බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.

මේ අතර සමාජයේ රංචු ප්‍රතිශක්තිය වර්ධනයවීමට නම් ජනගහනයෙන් සියයට අසූවකටවත් එන්නත ලබා දිය යුතු බව පැවසූ මහාචාර්යවරයා වයස 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතාවලින් පෙළෙන පුද්ගලයන්ට වාර්ෂිකව එන්නත් මාත්‍රා (බූස්ටර්) ලබාදීම වැදගත් බවද සඳහන් කළේය. 

සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීම ජනතාවට අමතකවෙමින් තිබෙන බවද එසේ සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කළහොත් යළි අවදානමක් මතුවිය හැකි බවද හෙතෙම පැවසුවේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha