මෙරට පෞද්ගලික රෝහලක PCR චීනයෙන් Black List කරයි.

Covid Colombo Chaina Vaccines cases
By Aruna Jul 14, 2021 05:38 AM GMT
Aruna

Aruna

Report

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් සිදුකරනු ලබන PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළිගතහැකි මට්ටමක නොපවතින බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

එම නිසා ශ්‍රී ලංකාවේ සිට චීනයට ඇතුළුවන පුද්ගලයන්ට PCR පරීක්ෂණ සඳහා අනුමත කර ඇති රෝහල් ලැයිස්තුවෙන් එම රෝහල ඉවත් කරන බවත් තානාපති කාර්යාලය පවසනවා.

පසුගිය වකවානුවේ අදාළ රෝහලින් PCR පරීක්ෂණ සිදුකර කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු වූ පුද්ගලයන් රැසක් චීනයට ඇතුළුවීමෙන් අනතුරුව ආසාදිතයන් බවට අනාවරණය වීම චීනයේ මෙම තීරණයට හේතුවී තිබෙනවා.

එම නිසා ගුවන් මගීන්ගේ, ගුවන් සේවකයන්ගේ සහ අදාළ සියලුම පාර්ශ්වවල ආරක්ෂාව වෙනුවෙන් 2021 ජූලි 13 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරත් ප්‍රකාශ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now