රුපියලට යළි පණක් - අද වාණිජ බැංකුවල විනිමය අනුපාතික මෙන්න
සඳුදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ඇතැම් වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය රු. 334ට ආසන්න මට්ටමක් දක්වා පහත වැටී ඇත.
සෙලාන් බැංකුව: ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.75 සිට රු. 326.55 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 336.00 සිට රු. 335.80 දක්වාත් අඩු වී තිබේ.
NDB බැංකුව: ගැනුම් අනුපාතිකය රු. 326.50 සිට රු. 326.30 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.50 සිට රු. 335.30 දක්වාත් පහත වැටී ඇත. මහජන බැංකුව: ගැනුම් අනුපාතිකය රු. 326.92 සිට රු. 326.82 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.03 සිට රු. 334.92 දක්වාත් අඩු වී තිබේ.
කොමර්ෂල් බැංකුව: ගැනුම් අනුපාතිකය රු. 325.09ක් සහ විකුණුම් අනුපාතිකය රු. 335.00ක් ලෙස නොවෙනස්ව පවතී. සම්පත් බැංකුව: ගැනුම් අනුපාතිකය රු. 327.25 සිට රු. 326.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.25 සිට රු. 334.50 දක්වාත් පහත වැටී ඇත.
සමස්තයක් ලෙස, අද දිනයේදී බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් පෙර දිනයට සාපේක්ෂව සුළු වශයෙන් පහත ගොස් තිබේ.