Netflix තරුව මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ ජාතික සහ සංස්කෘතික අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යවල දැඩි සංවාදයක්

Report

ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ ජාතික සහ සංස්කෘතික අනන්‍යතාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් මතුව තිබේ.

ඇය තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොව කැනේඩියානු ජාතිකයෙකු සහ දෙමළ සංස්කෘතික පසුබිමක් සහිත අයෙකු ලෙස හඳුන්වාදීමත්, තම අනන්‍යතාව “ඊළාම් දෙමළ” ලෙස සඳහන් කිරීමත් මෙම සංවාදයට හේතු වී ඇත.

ඇයගේ Instagram සටහන් මෙන්ම Netflix හි Best of the Best චිත්‍රපටය සම්බන්ධයෙන් පළ කර ඇති සටහන් යටතේ ද මේ පිළිබඳ විවිධ අදහස් පළවී ඇති බව සඳහන් වේ.ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමාපියන් සිටින පසුබිමක ඇය සිය මව්බිමට සම්බන්ධ අනන්‍යතාව ප්‍රතික්ෂේප කරන බවට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් විවේචන එල්ල කර තිබේ.

කෙසේ වෙතත්, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ ජාතික හා සංස්කෘතික අනන්‍යතාව ඔහු හෝ ඇය විසින්ම නිර්වචනය කිරීමට ඇති අයිතියට ගරු කළ යුතු බවයි.

සැප්තැම්බර් 18 වැනිදා ඇයගේ නවතම චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මෙම අනන්‍යතාව සම්බන්ධ සංවාදය සමාජ මාධ්‍ය තුළ තවදුරටත් පුළුල් වී ඇති බව වාර්තා වේ.

'එදා රෑ' චිත්‍රපටයේ විජය කුමාරතුංග වෙච්ච විශ්ව කොඩිකාර කියපු කතාව -''මං ගොඩක් ආදරය කරන දැවැන්ත චරිතයක්''

'එදා රෑ' චිත්‍රපටයේ විජය කුමාරතුංග වෙච්ච විශ්ව කොඩිකාර කියපු කතාව -''මං ගොඩක් ආදරය කරන දැවැන්ත චරිතයක්''

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්