වාණිජ බැංකු රැසක ඩොලර් අනුපාත වෙනස් වෙයි- නවතම මිල ගණන් මෙන්න
අද (08) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාත සුළු වෙනස්කම්වලට ලක්ව තිබෙන අතර, ඩොලරයේ විකුණුම් අනුපාතය සාමාන්‍යයෙන් රුපියල් 332ක මට්ටමේ පවතී.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 324.05ක් ලෙසත්, විකුණුම් අනුපාතය රු. 333.30ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 323.70 සිට රු. 323.75 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 332.70 සිට රු. 332.75 දක්වාත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රු. 324.20 සිට රු. 324.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 332.24 සිට රු. 332.29 දක්වා ඉහළ ගොස් ඇත. කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 322.35ක් වන අතර, විකුණුම් අනුපාතය රු. 332.25ක් ලෙස නොවෙනස්ව පවතී.
සම්පත් බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 324.25ක් වන අතර, විකුණුම් අනුපාතය රු. 332.25ක් ලෙස නොවෙනස්ව පවතී.