කොරෝනා දත්ත වෙනස් කරන නිලධාරීන් ගැන හෙළිවෙයි! තීන්දු ගැනීමේ අවුලක් (VIDEO)

By Wasantha Aug 13, 2021 04:52 AM GMT
Wasantha

Wasantha

Report

දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය සහ මරණ ගණන වැඩිවෙමින් පවතින බවත් ඉතා කඩිනමින් තද තීන්දුවක් ගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

උපරිමව ජනතාවට සංචරණ සීමා පැනවිය යුතු බවත් අවාසනාවන්ත ලෙස මිය යන පුද්ගලයින්ගේ ජීවිතවලට ආර්ථීක කළමනාකරණය කර ගැනීම කියන කාරණය කිසිදු වටිනාකමක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බිම් මට්ටමේ වාර්තාවන රෝගීන්ගේ සපයන දත්ත සහ ජාතික මට්ටමේදී නිල ප්‍රකාශයට පත් කරන දත්ත අතර විශාල පරස්පරතාවයක් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එම දත්ත විශාල ලෙස අඩුවෙන් ජාතික මට්ටමේදී ප්‍රකාශයට පත් කරන බවත් ඊට වගකිව යුත්තේ මහජනා සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බවත් ඉන් එහාට එම දත්ත ගලා යන ක්‍රමවේදයේ සිටින නිලධාරීන් ඊට වගකිව යුතු බවත් හෙතෙම අවධාරණය කරනවා.

මේවන විට ලංකාවේ බොහෝ ස්ථානවල පීසීආර් පරීක්ෂණ සිදු කිරීම අඩු කිරීම සහ අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් ඇන්ටිජින් පරීක්ෂණ හරහා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව එකතු කර නොගෙන වාර්තා කිරීම තුළ ව්‍යාකූල තත්වයක් පවතින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.