"ඉදිරි දින 14 තුළ අපි මොනවා කළත් වැඩක් නෑ" අනතුරේ අවදානම ඉහලයි (VIDEO)

corona
By Wasantha Aug 10, 2021 07:06 AM GMT
Wasantha

Wasantha

Report

ඉදිරි සති දෙක තුළ කුමන දෑ සිදුකළත් කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ, සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු බවය.

ආර්ථික හානිවීම් අවම කර ගනිමින් සියලුම ඒකරාශීවීම් අත්හිටුවීමට සිදුවන බව ද ඒ මහතා තරයේ අවධාරණය කර සිටී. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා, "ඉදිරි දින 14 තුළ මේ තත්ත්වය අපි මොනවා කරත් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනවා රෝගීන් සහ මරණ සංඛ්‍යාව.

ඒ නිසා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු වෙනවා. ආර්ථිකය සමඟ කළමනාකරණය කර ගැනීම සඳහා ආර්ථික හානිය අවම වන විදියට සියලුම සමාජ ඒකරාශීවිම් නැවැත්වීමට සිදුවනවා.

දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතුයි. රෝගීන් වැඩිවීම පාලනය කර ගත්තේ නැත්නම් ව්‍යවසනයකට තල්ලු වෙනවා. අපි ක්‍රියාමාර්ග ගන්න පහුවෙන හැම මොහොතක් පසා ම ජීවිත කිහිපයක් බිළිගන්න එක තමා වෙන්නේ. ඒ නිසා එහි වගකීම අපි සියලුදෙනා සතුවෙනවා.

" මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, බිම් මට්ටමේ වාර්තා වන ආසාදිතයින් හා මරණ නිවැරදිව ජනතාව අතරට නොයෑම නිසා ජනතාව තුළ බියක් හෝ නිසි අවබෝධයක් ඇති නොවන බවය.

You may like this video



  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now