ලංකාවට ඉදිරියේදී කරන්න යන දේ ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්..

Sri Lanka Politician Janatha Vimukthi Peramuna Political Development
By Aruna Nov 03, 2024 06:26 AM GMT
Aruna

Aruna

Report

තම පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ දැනට ක්‍රියාත්මක සමස්ත පද්දතියම වෙනස් කර ලංකාව ලෝකයේ දියුණු රටක් කිරීමේ අරමුණින් බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී.

සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...

සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...


ඔහු අවධාරණය කරන්නෙ රට දියුණු කිරීමට නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුය යන්නයි.

මිනිසුන්ගේ ආකල්ප වෙනස්කළ නොහැකි නම් නීතිය ක්‍රියාත්මක කර හෝ රට නිවරදි මාවතට ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මේ බව පැවසුවේ මාතර පැවති ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

ඇමරිකානු ජනපති තෝරන සටන අනිද්දා..ලෝකයේම අවධානය ඇමරිකාවට යොමුවෙයි.

ඇමරිකානු ජනපති තෝරන සටන අනිද්දා..ලෝකයේම අවධානය ඇමරිකාවට යොමුවෙයි.


එදා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න මිනිස්සු රට ඉඳල ලංකාවට ආව. මිනිස්සු පිටරට ඉඳල එහෙම ආවේ ඇයි?. ඒ මිනිස්සු බළාපොරොත්තු වුණේ තමන් ජීවත්වෙන රට වගේ දියුණු රටක් බවට තමන්ගේ මව් රටත් පත්කරන්නයි. එදා මිනිස්සු විනයගරුක පාලනයක් කිව්වේ ඒකයි.

නමුත් ඒක වුණේ නෑ. රටක් හරි මාවතට එන්නනම් ඒ රටේ මිනිස්සුන්ට විනයක් තියෙන්න ඕන.

විනය නැති තැන දියුණුවක් නෑ. ලෝකයේ දියුණු රටවල ඉස්සෙල්ලම හැදුණෙ විනය. විනය හදන්න නම් මිනිස්සුගෙ ආකල්ප වෙනස් කරන්න ඕන. මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස්කර ගන්නෙනැත්නම් නීතිය ක්‍රියාත්මක කරල විනය හදන්න ඕන.

ලෝකයේ දියුණු රටවල ප්‍රාථමික අධ්‍යාපනයේ සිට දියුණු ආකල්ප උගන්වනවා.

අපේ රටේ එහෙම නෑ. ආකල්පමය වශයෙන් රටක් වෙනස් කරනවනම් කොහොමද ඒක කරන්නේ. දෙවනි ලෝක යුද්ධයේදී ජපානය යටත් වෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවේ ගේමක් ලීක් වෙයි.රහසිගත තොරතුරු රැසක් එළියට......

ඛනිජ තෙල් සංස්ථාවේ ගේමක් ලීක් වෙයි.රහසිගත තොරතුරු රැසක් එළියට......


නමුත් අද වෙනකොට ජපානය කියන්නේ ඉතාම දියුණු රටක්. ජපානය දියුණු උණේ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කළ නිසයි. දියුණු ආකල්ප තියෙන මිනිස්සු හොරකම් කරන්න බයයි.

අපිටත් හොරකම් නොකරන රටක් හදාගන්න පුළුවන්ද? පන්සිල් අරගෙන දවස පටන්ගත්තත් අපිට කිසිම හික්මවීමක් නැහැ. ඇතැම්විට රජයේ සේවකයා හාෆ්ෂීට් එක ගෙදර ගෙනියන්නෙ තමන්ගේ ආයතනයෙන්. අපේ රටේ හොරකම ආයතනගත වෙලා තියෙන්නේ.

ඒක එහෙම වෙලා තියෙන්නේ දේශපාලකයා නිසා. දේශපාලකයා හොරකම් කරනකොට ඊට පහලින් ඉන්න මිනිහට හොරකම් කරන්න ලේසියි.

හොරකම ආයතන ගතවුණාම සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම හොඳක් වෙන්නෙ නෑ. අපි ආවේ මේ සමස්ත පද්ධතියම වෙනස් කරන්න. ආකල්පවලින් රටක් වෙනස් කරන්න බැරිනම් නීතිය ක්‍රියාත්මක කරල හරි රට හදන්න ඕන.

සිංගප්පූරුව විනය හදන්නෙ නීතිය ක්‍රියාත්මක කරලයි. දියුණු වෙන්නනම් අපි අපේ ආකල්ප වෙනස්කර ගනිමු. අපි එකතු වෙලා නීතිය සමානව ක්‍රියාත්මක වෙන හැම මනුස්සයෙක්ටම ලස්සනට ජීවත්වෙන්න පුළුවන් රටක් හදමු.

ReeCha