යුද තත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයන්ට රජයෙන් විශේෂ පණිවිඩයක්

Report

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා කාලසීමාව දින 14ක් දිගු කිරීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය 28 වැනිදා පවතින ගැටුම් හේතුවෙන් පිටත් වීමට නියමිත විදෙස් මගීන්ගේ ගුවන් ගමන් අවලංගු වීමත්, ඔවුන්ගේ වීසා කාලසීමාව අවසන් වීම නිසා රටෙන් පිටත්වීමට නොහැකි වීම සැලකිල්ලට ගනිමින් බව සඳහන්.

ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට දරුණු අනතුරු ඇගවීමක් - ප්‍රහාර මාලාවකට සියල්ල සුදානම්

ඊශ්‍රායල හමුදාවෙන් ලෙබනනයට දරුණු අනතුරු ඇගවීමක් - ප්‍රහාර මාලාවකට සියල්ල සුදානම්

එසේම, එවැනි මගීන්ට විකල්ප ගමන් ක්‍රමෝපායන් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කාලය තුළ ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී නැතිව රැඳී සිටීමට පහසුකම් සැපයීමේ අරමුණින්, ගාස්තු රහිතව දින 14ක කාලයක් වීසා දිගුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ගුවන් ගමන් අවලංගු කිරීමේ තත්ත්වය තවදුරටත් පවතින බැවින් එම මගීන්ගේ වීසා කාලසීමාව තවත් දින 14ක් ගාස්තුවක් නොමැතිව දීර්ඝ කිරීමේ කැබිනට් යෝජනාවටද අනුමැතිය ලබාදී ඇත.

අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය පරාදයි - අරමුණකින් තොරව පහර දෙන බව ඉරානයෙන් චෝදනා

අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය පරාදයි - අරමුණකින් තොරව පහර දෙන බව ඉරානයෙන් චෝදනා